ඔස්ට්‍රේලියාවේ International Wedding Photographer of the year දින තරගයේ ප්‍රතිඵල පසුගිය දින (2021. 12. 29) ඔවුන්ගේ නිල වෙබ් අඩවිය www.iwpoty.com වෙත නිකුත් කරන ලදි එහිදී, From Above තරග අංශයේ ජයග්‍රහණය ලබාගැනීමට ප්‍රවීණ ශ්‍රී ලාංකික මංගල ඡායාරූප ශිල්පියෙකු වන හර්ෂ මධුරංග ජයසේකර සමත් වුන අතර තරග අංශ 9ක් යටතේ පැවති එම තරගයේ ප්‍රධාන ජයග්‍රාහකයන් 9 දෙනා අතරට එක්වීමට හැකිවීමත් සමග එවන් ජයග්‍රහණයක් ලද පළමු සහ එකම ශ්‍රී ලාංකික මංගල ඡායාරූප ශිල්පියා වන්නේද හර්ෂ මධුරංග පමණි.
2018 වසරේදී ආසියානු මංගල ඡායාරූප ශිල්පීන්ගේ ආයතනය මගින් තෝරාගනු ලැබූ ලොව හොඳම මංගල ඡායාරූප ශිල්පීන් 20 දෙනා අතරට ද නිර්දේශ වූ ඔහු, මේ වන විට ජාත්‍යන්තර මංගල ඡායාරූප ක්ෂේත්‍රයේ තරග රැසක් ජයග්‍රහණය කර ඇත.
* Wedding and Portrait Photographers International – USA * Asian Wedding Photographers Association – Hong Kong * Wedding Photographers Europe Community * Photo Wedding Stories – Italy * Cosmos Awards යන ප්‍රමුඛ පෙලේ ජාත්‍යන්තර මංගල ඡායාරූප තරග සියල්ලක දීම වසර ගණනක් පුරා විවිධ ජයග්‍රහණ අත්කරගැනීමට ඔහු සමත් වී ඇති අතර එවන් ජයග්‍රහණයක් ලබාගත් පළමු හා එකම ශ්‍රී ලාංකිකයා වන්නේ ද ඔහුම වේ.



Zoe Yoffe 
Glen Nicholls 
Andrew Pavlidis 
Patrick Lombaert 
Ekaterina Mukhina 
Weng Lee 
Ky Luu 
Jordan Wheatley 
Sergey Lapkovsky 
Matt Porteous 
Nikki Leadbetter 
Fabio Mirulla 
Lucy Spartalis 
Steven Stemmler





