අපි හැමෝටම දීප්තිමත්, පැහැපත්, නිරෝගිමත් සමක් තියෙනවා කියන්නේ ඉතා අමාරු කාර්්‍යයක්. අපේ සමට හිතකර නොවන දේවල් වලට නිරාවණය වීමත්, වැරදි අහාර රටා අනුගමනය කිරීමත්, ප්‍රමාණවත් තරම් නින්දක් ලබා නොගැනීම වගේ දේවල් මේ සම අවපැහැගැනීමට හේතුවෙන්න පුලුවන්. මේ වගේ සම අවපැහැගැනීමට හේතුවන කරුණු 05ක්.
හිරු එළියෙන් ආරක්ෂාවන්න වග බලා ගන්න
ඔබගේ රැකියාවේ ස්වභාවය අනුව ඔබට දිවා කාලයේදී බොහෝ විට පිටතට යන්නත් සිද්ධ වෙනවා ඇති. සමට භයානක ප්‍රතිඵල ලැබෙන්නේ එතකොටයි ; අහිතකර හිරු එළිය ඔබේ සමේ හයිපර්පිග්මන්ටේෂන් නැති නම් අඳුරු ලප ඇති කරවනවා.
සමේ තෙතමනය රඳවා නොගැනිම (සජලීකරණ)
සමේ තෙතමනය නැති වූණාම සම අඳුරු පැහැයක් ගන්නවා වගේම හැකිලෙනවා. සජලීකරණ මට්ටම පාලනය කරලා නැති වුණාම සම විජලනය වී හැකිලෙනවා.
කාර්්යයබහුලවන ඔබ සම පිලිබඳව සැලකිලිමත් නොවීම
ඉතා කාර්යය බහුල වී ඉතා ආතතියෙන් වැඩ කරන විට විඩාවට පත්වන්නේ ඔබ විතරක් නෙමෙයි. ඔබේ සමද ඉතා වෙහෙසට පත්වනවා. එසේ විඩා පත්වීම සම අවපැහැ ගැනීමට හේතු වෙනවා.
සමේ ඇති මැරුණු සෛල ඉවත් නොකිරීම
අපේ සමේ සෛල මිලියන ගණනක් දිනපතා මිය යැමත් ඒ වෙනුවට අලුත් සෛල නිපදවීමත් සිදුවෙනවා. ඒ ආකාරයට සම තුළ තිබෙන මැරැණු සෛල සමෙන් ඉවත් නොවීම අපේ සම අවපැහැ ගැනීමට හේතු වෙනවා. මේ ආකාරයට මිය යන සෛල අපේ සමෙන් ඉවත් වීම 100% ක්ම ස්වභාවිකව සිදුවන්නේ නැහැ.
විටමින් ඌනතාවය
ඔබගේ කාර්යබහුල ජීවන රටාවත් එක්ක ශරීරයට අවශ්‍යය විටමින් සහ ඛනිජ ලවණ ලබා ගන්න එක මඟ හැරෙනවා. නිශ්චිත ඌණතාවයකදී පරීක්ෂා කළේ නැත්නම් නම් ඒක දැනගන්න ලැබෙන්නෙත් නෑ. එතකොට සමේ ස්වාභාවික දීප්තිය නැති වෙලා.