අධි සුඛෝපභෝගී මුහුදු යාත්රාවක ගමන් අත්දැකීමක් ලැබීම පවා සුපිරි අත්දැකීමකි. එවැනි සුපිරි yacht එකක Pre shoot එකක්
කරන්න අවස්ථාවක් ලැබෙයි නම් එය බොහෝ දෙනකුට සිහිනයනක්ම විය හැකිය. අද එ සිහිනය එ තරම් ඈත නැත. අපේ රටේ ඒ අත්දැකීම විඳ ගැනීමේ අවස්ථාවක් ඇත. මෙවර ගෙන එන්නේ සුපිරි yacht එක සම්බන්ධව විස්තර කිහිපයකි. මේ සුන්දර අත්දැකීම් දෙන සුපිරි යාතුාවේ හිමිකරු දමිත්ය.
අපි ඔහුගෙන් ඒ ගැන විමසුවා.
දමිත් මේ yacht එක ගැන මූලික විස්තරයක් කළ හැකිද? .
මේ yacht එක ගත්තේ 2019 වගේ. මෙහි මගින් 110කට පමණ ගමන් කරන්න පුළුවන්. මිරිස්ස මුහුදු තීරය තමයි අපි
තොරගෙන තියෙන්නේ මොකද මිරිස්ස ආශ්රිත මුහුදු තීරයේ තල්මසුන් නැරඹීම ඉතා ජනප්රියයි.
දමිත් ගාව මේ වගේ yacht කියක් තියෙනවද?
මා ගාව තියෙන්නේ දැනට එකක් විතරයි.අපි මූලික වශයෙන් මෙය ගෙනාවේ සංචාරකයන් සඳහායි. ඊට අමතරව අපි මෙය දැන්
preshoot වගේ දෙවල්වලටත් ලබා දෙනවා.
මේ වෙනකොට Pre shoot කියක් විතර yacht එකේ කරලා තියෙනවද?
දැනට 30 ක් පමණ
දමිත් Pre shoot එකක් කරන්න yacht එකට ඔයා අයකරන මුදලක් එහෙම ඇති නේද?
ඔව් අපි පැයට රු 35000ක මුදලක් අය කරනවා
මේ මුදලට ලැබෙන අත්ගොදැකීම ගැන කිව්වොත්?
කොහොමත් අපි කිලොමිටර් 2ක්-3ක් මිරිස්ස ආශ්රිත මුහුදු තීරයේ ගමන් කරනවා.
yacht එකේ ගමන් කරන මගින්ගේ ආරක්ෂාව ගැන සදහන් කලොත්.
අපේ ගමනට lifejacket සමග lifegurds හතර දෙනෙක් පමණ සහාභාගි වෙනවා.
preshoot වලට විතරද yacht එක දෙන්නේ?
නැ whale watching, birthday party, party, sunset tour වලට වගේ අපි yacht එක දෙනවා
කාටහරි දමිත්ගෙන් තවත් විස්තර දැනගන්න සම්බන්ධ කරගන්න වුවමනා වුණොත්.
ඔව් මගේ මේ 0717858639 දුරකථනය අංකයට කතා කරන්න පුළුවන්
Photogrphy Studio praveen